අද සා.පෙළ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ විසින් අධ්යාපන පොදු සහතික පත්ර සාමන්ය පෙළ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව සඳහන් කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්යස්ථාන වෙත ළඟාවීමට අපහසුවී ඇති බවට වාර්තා වීම හේතුවෙන් බව සඳහන්.
එසේම විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එබැවින් දරුවන් කලබල විය යුතු නැති බවයි.
එසේම ඔවුන්ට ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ මධ්යස්ථානයේදී නැවත ගොස් අමතර ප්රායෝගික පරීක්ෂණ සඳහා දිනයක් ලබාගැනීමට හැකියාව පවතින බවත් දන්වයි.