මම කැමතියි කියුබාවේ පීඩිත පාලනය අවසන් කරන්න - කියුබාවට පහර දෙන්න ට්‍රම්ප්ගෙන් මාස්ටර් ප්ලෑනක්

Report

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්ගගත මාධ්‍යවේදීන් හමුවේ පවසුවේ, ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමඟ දශක ගණනක් පවතින අර්බුදය අවසන් කිරීමට සහ කියුබානු වැසියන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

‘කියුබාව සහ ඇමෙරිකාව අතරේ අර්බුදය මට මගේ ජීවිත කාලය පුරාවට අසන්න ලැබුණා. හුඟ දෙනෙක් මගෙන් අහන්නේ කියුබාව සමග අර්බුදය අවසන් කරන්නේ කවද්ද කියලයි.මා හිතන්නේ මම ඒ අර්බුදය අවසන් කරනවා. කියුබාව යටත් කර ගැනීම මට ලොකු ගෞරවයක් වේවි’ යැයි ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පෙන්වා දුන්නේය

මට පැයකින් ඉරානයේ විදුලිබලාගාර විනාශ කරන්න පුළුවන් - ට්‍රම්ප්ගෙන් ලෝකෙම තැති ගන්වන ප්‍රකාශයක්

මට පැයකින් ඉරානයේ විදුලිබලාගාර විනාශ කරන්න පුළුවන් - ට්‍රම්ප්ගෙන් ලෝකෙම තැති ගන්වන ප්‍රකාශයක්

කියුබාව දැන් දුර්වලයි. මා කැමතියි කියුබාවේ පීඩිත පාලනය අවසන් කරලා දාන්න. කියුබානු වැසියන්ට හැකිවේවි ඔවුන්ගේ නිදහස සොයා ගන්න. ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරගන්න.’

යැයි ට්‍රම්ප් වැඩි දුරටත් පැවැසීය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට කියුබා පාර්ශ්වයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. ඇමරිකා-කියුබා අර්බුදය දශක හයකට වැඩි කාලයක් ඔඩුදුවා ඇත.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

1959 වසරේ සිදුවූ කියුබා විප්ලවයෙන් පසු ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පැමිණි අතර, පෙර ඇමෙරිකානු හිතවාදී පාලනධාරී බැටිස් පාලනය පෙරළා දැමීමත් සමඟ කෝමියුනිස්ට් පාලනයක් ස්ථාපිත විය. ඒ සමඟ ඇමෙරිකානු සමාගම් සතු දේපළ රජයට පවරා ගැනීම, සහ සෝවියට් දේශය සමඟ කියුබාගේ ආසන්න සබඳතා, දෙරට අතර සබඳතා බිඳ වැටීමට හේතු විය.