ඉරානය ඉවරයි - අපි මේ දින 60 ප්ලේ කරලා බලමු - ඉරාන උත්තරීතර නායකයාට ට්‍රම්ප්ගෙන් කින්ඩියක්

Report

ජාත්‍යන්තර සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා අල් කමේනි විසින් මෑතකදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩි උපහාසයෙන් යුත් ප්‍රකාශයක් නිල වශයෙන් නිකුත් කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ගේ නිල ටෲත් සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් මෙම දැඩි විවේචනාත්මක ප්‍රකාශය ලෝකය හමුවේ සිදු කර ඇත.

භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගැන විමර්ශන නිලධාරින්ගෙන් අනාවරණයක් - සැකකරු තිදරු පියෙක් බවත් හෙළි වේ

භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගැන විමර්ශන නිලධාරින්ගෙන් අනාවරණයක් - සැකකරු තිදරු පියෙක් බවත් හෙළි වේ

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය වෙත සාම මාවතට පිවිසීමට උත්සාහ කළේ දැඩි අපේක්ෂා භංගත්වයට පත්වීමෙන් බවට ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනි විසින් මීට පෙර ප්‍රසිද්ධියේ පවසා තිබුණි.

ඊට ක්ෂණිකව පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හමුවේ සැබැවින්ම අපේක්ෂා කඩවී අන්ත අසරණ වී ඇත්තේ ඉරානයේ මිස තමන්ගේ පාලනයේ නොවන බවය.

ලයිට් බිල්, තෙල් මිල අස්සේ CPC ලොක්කෝ හොර රහසේම උපයපු බිලියන 36ක මහා ලාභය මෙන්න

ලයිට් බිල්, තෙල් මිල අස්සේ CPC ලොක්කෝ හොර රහසේම උපයපු බිලියන 36ක මහා ලාභය මෙන්න

ඔවුන් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවර වී ඇති බවත් අපි ඉදිරි දින 60 ක කාලය හොඳින් ක්‍රීඩා කර බලමු යනුවෙන් ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙහිදී වැඩිදුරටත් උපහාසාත්මකව අවධාරණය කර ඇත.