ලයිට් බිල්, තෙල් මිල අස්සේ CPC ලොක්කෝ හොර රහසේම උපයපු බිලියන 36ක මහා ලාභය මෙන්න

Report

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව 2025 වර්ෂය තුළ රුපියල් බිලියන 36.5ක ලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වේ.

එම වාර්තාවට අනුව, සංස්ථාවේ සමස්ත ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 8.7කින් පහත වැටී රුපියල් බිලියන 848.4ක් දක්වා අඩුවී තිබුණද, ලාභදායීත්වය වැඩි කිරීමට සංස්ථාව සමත්ව ඇත.

2024 වර්ෂයේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 34.2ක ලාභයක් වාර්තා කර තිබූ අතර, 2025 වර්ෂයේදී එය සියයට 6.6කින් ඉහළ ගොස් රුපියල් බිලියන 36.5ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගැන විමර්ශන නිලධාරින්ගෙන් අනාවරණයක් - සැකකරු තිදරු පියෙක් බවත් හෙළි වේ

භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගැන විමර්ශන නිලධාරින්ගෙන් අනාවරණයක් - සැකකරු තිදරු පියෙක් බවත් හෙළි වේ

මෙම ලාභ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විකුණුම් පිරිවැය සියයට 9.6කින් පහත වැටීම බව වාර්තාව පෙන්වා දෙයි. ඊට අමතරව විකුණුම් හා බෙදාහැරීමේ වියදම් සියයට 11කින්, පරිපාලන වියදම් සියයට 29කින් සහ මූල්‍ය වියදම් සියයට 98කින් අඩුවීම ද ලාභ ඉහළ යාමට හේතු වී ඇත.

මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ආදායම පහත වැටී තිබියදීත් වියදම් කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හේතුවෙන් සංස්ථාවට ලාභදායී ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකි වූ බවයි.

"ඉන්ධන සහනාධාරය අතෑරියොත් ඩීසල් 42%කින් නගී.. ලයිට් බිලත් ඉවරයි" - ඒකාබද්ධ විපක්ෂය

"ඉන්ධන සහනාධාරය අතෑරියොත් ඩීසල් 42%කින් නගී.. ලයිට් බිලත් ඉවරයි" - ඒකාබද්ධ විපක්ෂය