යුද්ධය ගැන විවේචනය කරොත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු නීතියක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මක පුවත් වාර්තා කිරීමේදී, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පරිපාලනය අනතුරු ඇඟවා ඇත.
එමෙන්ම ඇමෙරිකන් මාධ්‍ය ආයතනවලින් එරට පරිපාලනය ඉල්ලා සිටිනුයේ ඇමෙරිකාවට අවාසි වන අකාරයට හෝ ජනාධිපති ට්‍රම්ප්ගේ අපකීර්තියට පත් වන ආකාරයෙන් පුවත් විකාශය කිරීමෙන් වැළකී සිටින්න යනුවෙනි.
මේ අතර, ඇමෙරිකන් ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවේ සභාපති බ්‍රෙන්ඩන් කාර් මෙම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.
ඔහු පවසා ඇත්තේ, මාධ්‍ය ආයතන සැමවිටම මහජන යහපත උදෙසා කටයුතු කළ යුතු අතර, ව්‍යාජ පුවත් සහ විකෘති කරන ලද පුවත් පළ කිරීමෙන් වැළැකී සිටිය යුතු බවයි.