යුක්රේන සාමය වෙනුවෙන් හඬ නගන ට්‍රම්ප් - විශේෂ නියෝජිතයින් පුටින් හමුවෙයි
යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාම උත්සාහයන් වේගවත් කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී ඇත.
ක්‍රෙම්ලිනය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ව ජනාධිපති පුටින් විසින් පිළිගන්නා ආකාරයයි.
එහිදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පවතින තත්ත්වය "එතරම් පහසු එකක් නොවන" බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින තුනක කාලයක් සඳහා එකිනෙකාගේ අගනුවර වෙත ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට යුක්රේනය සමඟ එකඟ වීම පිළිබඳව ස්ටීව් විට්කොෆ් මෙහිදී පුටින්ට ස්තූතිය පළකර ඇති බවයි.
මොස්කව් සාකච්ඡාවලින් අනතුරුව එම ඇමරිකානු නියෝජිතයින් වැඩිදුර සාකච්ඡා සඳහා අද (06) දිනයේදී කියෙව් නුවර බලා පිටත්ව යාමට නියමිත අතර, මෙය ඔවුන් යුක්රේන අගනුවර වෙත යන පළමු නිල සංචාරය ද වනු ඇත.
පසුගිය සිකුරාදා අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ විට්කොෆ් සහ කුෂ්නර් "යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක් රැගෙන යන බවයි. රුසියානු අගනුවර පිහිටි ජනාධිපති නිල නිවසේ වසා දැමූ දොරටු පිටුපස පැවැති මෙම සාකච්ඡාව පැය තුනක පමණ කාලයක් පැවැති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.