ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් එක්ක පොලීසියට විශාල විරෝධයක් - පිරිසක් රෝහලේ
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ අද අලුයම් කාලයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ එම විහාරස්ථානයට පොලිසිය ඇතුළු වීමත් සමඟයි.
එසේම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම විහාරස්ථානයේ තැබූ බුදු පිළිමයද පොලිසිය මඟින් ඉවත් කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.
එනිසා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස් රැස්වී ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් වැඩිදුරටත් චෝදනා කර සිටියේ එම විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ දරන බවටයි.
එමෙන්ම අඳාළ විහාරස්ථානයේ හිමියන් විසින් පූජා බිම භූමි ඔප්පුවක් යටතේ මෙම විහාරස්ථානය ස්ථාපිත කර ඇති බව සඳහන් කරයි.
කෙසේ වෙතත් එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත භික්ෂූන් වහන්සේලා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කිරීමටද සිදුව තිබෙනවා.