ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ දෙන්න තිබ්බ නියෝගය කල් යයි

Report

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය මඟින් එළඹෙන 03 වන දින තෙල් කල් තබා ඇත.

ඒ අනුව අඳාළ නියෝගය අද (30) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු වන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

එසේ වුවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය සූදානම් නොමැති බවටයි.

එබැවින් මෙම නියෝගය එළඹෙන තුන්වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නිවේදනය කර ඇත.

එමෙන්ම ඊට පෙර මෙම නියෝගය සකස් කර ගැනීමට හැකි වුවහොත් එළඹෙන සඳුදා දින ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා එසේ වුවොත් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන බවත් දැනුම්දී ඇත.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්