ලබන 22 සහ 23 හදිසි වෙනසක් - පාර්ලිමේන්තු වැඩවල සිදුවුණු වෙනස මෙන්න

Report

සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. සැප්තැම්බර් 23 දින, සැප්තැම්බර් 22 දිනට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සැප්තැම්බර් 23 දිනට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමටද තීරණය කර ඇත.

එමෙන්ම, සැප්තැම්බර් 23 දින විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නියමිතය.

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි

පාර්ලිමේන්තුව සඳහන් කරන්නේ අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 වසරේ රේඛීය අමාත්‍යාංශ වෙත වෙන්කර ඇති, වසර අවසන් වනවිට උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් සපයා ගැනීමට නියමිත බවයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසන්නේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බවයි.

ලෝක යුද්ධයකට අත වැනීමක්? ලෝක බලවතා වූ රුසියාවට දරුණු ප්‍රහාරයක් - මොස්කව් අගනුවර ගිනි ගනී

ලෝක යුද්ධයකට අත වැනීමක්? ලෝක බලවතා වූ රුසියාවට දරුණු ප්‍රහාරයක් - මොස්කව් අගනුවර ගිනි ගනී

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි. 

යුද්ධය සුනාමිය කොරෝනා දිට්වා එක පිට එක ප්‍රශ්ණ - ලාංකිකයන් දැඬි මානසික පීඩනයට හා කම්පනයට - තිත්ත ඇත්තක් හෙළිවෙයි

යුද්ධය සුනාමිය කොරෝනා දිට්වා එක පිට එක ප්‍රශ්ණ - ලාංකිකයන් දැඬි මානසික පීඩනයට හා කම්පනයට - තිත්ත ඇත්තක් හෙළිවෙයි