ශ්රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
මාස දෙකකට වැඩි කාලයකට පසුව සියලුම කාලසීමාවන් යටතේ භාණ්ඩාගාර බිල්පත් (T-bill) පොලී අනුපාත ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි.
එමෙන්ම පසුගිය බදාදා (25) පැවැති වෙන්දේසියේදී රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කළ ද, ඉන් අලෙවි කරගත හැකි වී ඇත්තේ රුපියල් බිලියන 34.9ක් හෙවත් 43.6%ක අවම ප්රතිශතයකි.
ආයෝජකයින් වැඩි පොලී අනුපාත ඉල්ලා සිටීම නිසා රජය බොහෝ ලංසු ප්රතික්ෂේප කර ඇත.
පවතින තෙල් අර්බුදය, උද්ධමනය සහ රුපියල අවප්රමාණය වීමේ අවදානම හමුවේ 'ගෙවුම් ශේෂය' පිළිබඳ ඇති වී තිබෙන අවිශ්වාසය මෙම අනුපාත ඉහළ යාමට ප්රධාන හේතුව වී තිබේ.