සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කෙරේ.

Covid 19 Traval restrictions
By Sithumi Jun 11, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ. එමෙන්ම බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන, පවත්වාගෙන යන දිනයන් පසුව දැනුම් දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now