මුළු රටක් ආදරය කරාන Travel With Wife එලීනා එක්ක ඩුබායි ගිහින් 5 වන විවාහ සංවත්සරය සැමරූ හැටි. (PHOTOS)

By Sithumi Jan 08, 2022 04:20 PM GMT
Sithumi

Sithumi

Report

ට්‍රාවල් විත් වයිෆ් යූ ටියුබ් චැනල් එක හරහා අපි හැමෝම හොඳට දන්න හඳුනන අපේ රටේ වගේම ලෝකේ වටෙත් ලස්සනම ලස්සන අපූරු තැන් වලට මේ දෙන්නා ඇවිදින්න යනවා. 

චමරි දිගොඩගමගේ සහා කසුන් දිගොඩගමගේ දැන් දෙන්නෙක් නම් නෙවෙයි.දැන් එයාලා දෙන්නා සුරංගනාවියක් වගේ පුංචි දියණියක් ඉන්න ආදරණීය දෙමව්පියන් යුවලක්.මේ දෙන්නාගේ ආදර කතාව අහම්බෙන් සිදු වූ හමුවීමකින්ලු සිදු උනේ. 

කසුන්ට චමරිව මුලින්ම හමුවෙලා තියෙන්නේ අහම්බෙන් වගේ. ඒ කෝච්චියේ කොලඹ යන්න යාළුවො සෙට් එකත් එක්ක ආපු දවසකදී දුම්රිය ස්ථානයේදී කියලයි කසුන් කියන්නේ 1 ඉතින් මේ දෙන්නා ඉක්මනට කසාද බදින්න හේතුව වුනෙත් ගෙවල් වලට බොරු කියලා අවිදන්න යන්නැතුව නිදහසේ ට්‍රිප් යන්න පුළුවන් හින්දලු. ඒත් දෙන්නගේම රැකියා වැඩ කටයුතු හින්දා කසාද බැඳලා හරියට අවුරුද්දක් යනකන්ම මේ දෙන්නා කොහෙවත්ම ඇවිදින්න ගිහින් නැහැ. 

ඉතින් කලින් හිතන් හිටපු විදිහට ඇවිදින්න බැරි වුන හින්දා හරියටම පලවෙනි ඇනිවසරි එක දවසේ තමයි මේ දෙන්නට මේ Travel With Wife යූ ටියුබ් චැනල් එක පටන් ගන්න අදහස ඇවිත් තියෙන්නේ.ඉතින් එදා ඒ පටන්ගනම අද වන විට මුළු රටක් ලෝකයක්ම ඔවුන්ට ආදරය කරනවා. 

ඉතින් ගිය අවුරුද්දේ අන්තිම කසුන් චමරි පුංචි එලීනා එක්ක ඩුබායි බලා පිටත් වුනා. එලිනාගේ පලවෙනි විදෙස් සංචාර අත්දැකීම තමයි මේක.ඉතින් එයාලා මේ දවස්වල ඩුබායිවල ලස්සන බලමින් සංචාරය කරනවා. කලින් අවුරුදු වල සංචාරය කලේ මේ කපල් එක විතරක් නිසා මේ අත්දැකීම මේ තුන්දෙනාටම සුවිශේෂී දෙයක්. 

කවද හරි එලිනා ලොකු වුන දවසට මේ දේවල් බලද්දී එයාටත් ගොඩක් සතුටු හිතේවි. කසුන්ගේ සහ චමරිගේ පස්වෙනි විවාහ සංවත්සරය පසුගියදා යෙ දී තිබුනා. එයාලා ඩුබායි ඉදන් තමයි මෙවර එලීනා එක්ක විවාහ සංවත්සරය සමරනු ලැබුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha