දුම්රිය ගමන් වාර 123ක් දින 3ක දී අවලංගු වෙයි..

By krishani Feb 01, 2023 03:27 AM GMT
Report

දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් දින 3ක කාලය තුළ දුම්රිය ගමන් වාර 123ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

පසුගිය මස 28 වන දින මඟී දුම්රිය 27ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9ක් ද ඇතුළු ගමන්වාර 36ක් අවලංගු වී ඇත.

තව ද පසුගිය 29 වැනි දා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15ක් ද ඇතුලු‍ව ගමන් වාර 44ක් ද පසුගිය 30 වනදා මගී දුම්රිය 36ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12ක් ඇතුලුව ගමන් වාර 43ක් අවලංගු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join