වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

Latest Headlines Nalinda Jayatissa Postal Strike Sinhala news Salary
By Shehan Aug 22, 2025 02:20 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ, වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස (අගෝස්තු) වැටුප් ගෙවීම සිදු නොකරන බවයි.

ලිඛිතව යොමුකළ ලිපියක් හරහා ඔහු වර්ජනයේ නිරත සේවකයින්ට දැනුම් දී ඇත්තේ, මාසික වැටුප ලබා ගැනීමට අවශ්‍ය නම් වහාම සේවයට වාර්තා කළ යුතු බවයි.

තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්වත් කර ඇති බවයි.

වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?

වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?

මේ වන විට වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 140ක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය. එසේම, මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති තැපැල් මලු බෙදාහැරීමේ කටයුතු දැනට සිදුකරමින් පවතින බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ;

"වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබිය යුතුයි. මට දැනුම් දී ඇත්තේ, වර්ජනයේ නිරතව සිටින කාලය තුළ වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමක් සිදු නොවන බවයි. ඒ නිසා සේවයට වාර්තා කළ සේවකයින්ට පමණක් වැටුප් ගෙවීමට හැකි වෙනවා. වර්ජනයේ නිරත සේවකයින්ටත් අපි දැනුම් දුන්නා, අදම සේවයට වාර්තා කරන ලෙස."

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

උගන්ඩා රැජිනි නිලන්ති කොට්ටහච්චි ආර්ථික අර්බුදයට හේතු කියයි

උගන්ඩා රැජිනි නිලන්ති කොට්ටහච්චි ආර්ථික අර්බුදයට හේතු කියයි

හෙට මිනිස්සුන්ට වෙන දේ ගැන කල්තියා රටටම නිවේදනයක්

හෙට මිනිස්සුන්ට වෙන දේ ගැන කල්තියා රටටම නිවේදනයක්