සූරියවැව STF වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට
STF
Crime
Gun Shooting
Latest Headlines
Sinhala news
By Shehan
හම්බන්තොට, සූරියවැව, වැවේගම කැළෑබද ප්රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වූ අතර වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවද වාර්තා වෙයි.
වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර තිබේ. වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්රියාත්මකය.