ලංකාවේ කුරුඳුවලට ලෝක වෙළඳපොළේ විශාල ඉල්ලුමක්

Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Aug 22, 2025 12:56 AM GMT
Shehan

Shehan

Report

ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු වගාකරුවන්ට නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාල) චතුරංග ගුණසේකර මහා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල ඒ මහතා කියා සිටියේ විශේෂයෙන්ම ගාල්ල,මාතර,කලුතර,රත්නපුර සහ හම්බන්තොට දිස්තික්කවල සාර්ථකව කුරුඳුවගාව සිදුකරනු ලබන බවය.

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

වාර්ෂිකව කුරුඳු මෙට්ට්‍රික් ටොන් විසිපන් දහසක ප්‍රමාණයක් අපනයනය කරණු ලබන අතර එයින් ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන විසිපන් දහසක ආදායමක් ලැබෙන බවත් කුරුඳු ලංකවේ හතරවන වෙළඳ බෝගය බවත් ඒ මහතා පැවසිය.

කුරුඳු වගාව,නිෂ්පාදනය ,සැකසිම,ආදිය සම්බන්ධයෙන් මෙසේ තාක්ෂණය හඳුන්වා දිමට පියවර ගෙන ඇති බවද මේ වනවිටත් මාතර පලොල්පිටියේ පිහිටා ඇති ජාතික කුරුඳු පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු ගොවින් පුහුණු කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසිය.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්