"සිම්බාබ්වේ පරදවන්න මේකයි ජයග්‍රහණේ ක්‍රමය" - මාලිංගගෙන් ක්‍රීඩකයන්ට තීරණාත්මක උපදෙස්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයට සූදානම් වීම සඳහා පැවැත්වෙන පුහුණු සැසියට සම්බන්ධ වෙමින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වේග පන්දු යවන්නන්ට සිය විශේෂඥ දැනුම ලබා දීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද(22) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර, ඒ දක්වා මාලිංග කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සමඟ සමීපව එක්ව කටයුතු කරමින් සිය සහයෝගය ලබාදීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.
එක්දින තරග දෙක මෙම මස 29 සහ 31 දිනවල පැවැත්වීමෙන් පසු විස්සයි විස්ස තරගාවලිය අරඹමින් සැප්තැම්බර් 3 වැනිදා පළමු විස්සයි විස්ස තරගය පැවැත්වීමට නියමිතය. අනතුරුව දෙවැනි සහ තෙවැනි තරග දෙක සැප්තැම්බර් 6 සහ 7 දිනවල පැවැත්වෙනු ඇත.