ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ වෙනසක්
Department of Meteorology
Weather
Latest Headlines
Rain
Sinhala news
By Shehan
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයකට අනුව, උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.
අද (22) පෙරවරුවේ නිකුත්කළ මෙම නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.