සර්වඥ ධාතු වදින්න යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

Report

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාකිරීමට බලාපොරොත්තු වන සැදෑවතුන්ගේ පහසුව සදහා, අනිද්දා (5) සිට 10 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා ප්‍රකාශ කළා.

මෙම විශේෂ දුම්රිය, දෛනිකව ධාවනය කරන දුම්රියට අමතරව, අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා, සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වා පැමිණේ.

දැන් ඔක්කොම දාලා අපිට වෙලා තියෙන්නේ විපක්ෂය සභ්‍යකරණය කරන්න අසභ්‍ය කෑල්ලක් ඇතුලට ඔබන්නේ නැතිව එයාලට මොකුත් කරන්න බෑ - නිශාන්ත

දැන් ඔක්කොම දාලා අපිට වෙලා තියෙන්නේ විපක්ෂය සභ්‍යකරණය කරන්න අසභ්‍ය කෑල්ලක් ඇතුලට ඔබන්නේ නැතිව එයාලට මොකුත් කරන්න බෑ - නිශාන්ත

එම දුම්රිය එම දුම්රිය ස්ථානවලින් පෙරවරුවේ පිටත් වීමත් කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් පස්වරුවේ පිටත් වීමත් සිදු වේ.

අවිස්සාවේල්ලෙන් දුම්රිය පෙරවරු 7.15 ට, රඹුක්කනින් පෙරවරු 6.30 ට සහ අලුත්ගමින් පෙරවරු 7.10 ට පිටත්වන අතර, කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල සහ රඹුක්කන දුම්රිය පස්වරු 1.00 ට පිටත්ව, අලුත්ගම දුම්රිය මරදාන ස්ථානයෙන් පස්වරු 2.00 ට පිටත්ව යනු ඇතැයි ද සමරසිංහ මහතා සඳහන් කළා.

කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණයට සහාය වූ ව්‍යාපාරික ඥාතියා රිමාන්ඩ්

කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණයට සහාය වූ ව්‍යාපාරික ඥාතියා රිමාන්ඩ්