ජාතික නිදහස් පෙරමුණ සඳහා නව දිස්ත්‍රික් නායකයෝ හය දෙනෙක්

Report

ජාතික නිදහස් පෙරමුණ සඳහා නව දිස්ත්‍රික් නායක හය දෙනෙකු අද (03) පත්වීම් ලබාගෙන ඇත. පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික් නායක ලෙස මාලක කෝකිල මධුසංක, බදුල්ල දිස්ත්‍රික් නායක ලෙස කරුණාතිලක හේරත්, මොනරාගල දිස්ත්‍රික් නායක ලෙස ලක්ෂිත මධුවන්ත සමරනායක, හම්බන්තොට දිස්ත්‍රික් නායක ලෙස සඳුන් බණ්ඩාර බෝදරගම, මාතර දිස්ත්‍රික් නායක ලෙස වෛද්‍ය ප්‍රියරත්න හේවාගම සහ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස තිලක් බණ්ඩාර මඩුවේ ආරච්චි මහත්වරු පත්වීම් ලැබූහ.

මෙම පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු ඔවුන් නිලවශයෙන් තම දිස්ත්‍රික් නායක කාර්යභාරයන් භාරගන්නට සූදානම් වේ.

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්

සර්වඥ ධාතු වදින්න යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

සර්වඥ ධාතු වදින්න යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්