සියලු ඡන්ද හිමියන්ට ෆැපරල් සංවිධානයෙන් දැනුම්දීමක්

Report

2026 වර්ෂයට අදාළ සුදුසුකම් ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මුලික අදියරේ කටයුතු මේ වනවිට පැෆ්රල් සංවිධානය මගින් සිදු කරමින් පවතී.

ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු 2026 වර්ෂය සඳහා පෙබරවාරි 01 වන දින සිට ආරම්භ වී තිබේ. පෙර වසරවල මෙන්ම මෙවරද ඡන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් සෑම නිවසකටම පැමිණෙන්නේ නැත.

ඒ අනුව 2026 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට සංශෝධන ඇත්නම් පමණක් ග්‍රාම නිලධාරී හමුවී විමසීම් සිදු කරන බව දැනුම් දී ඇත.

මෙහිදී, 2025.02.01 දින සිට 2027.01.31 දින දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යොවුන් පුරවැසියන් ග්‍රාම නිලධාරීවරයා හමුවී YC ආකෘතිය සම්පූර්ණ කර බාරදීමෙන් පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කළ හැක.

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්

පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් නොවූ තැනැත්තෙකුගේ නම 2026 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට අවශ්‍ය නම්, ග්‍රාම නිලධාරීවරයා හමුවී ER ආකෘතිය සම්පූර්ණ කර බාරදීමේ හැකියාවද ඇත.

එමෙන්ම මේ පිළිබඳව [www.elections.gov.(http://www.elections.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින්, ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම අනිවාර්ය අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

ආයේ විශ්වවිද්‍යාලේ පත්වීම් ලැබෙන්නේ මෙහෙමයි - සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

ආයේ විශ්වවිද්‍යාලේ පත්වීම් ලැබෙන්නේ මෙහෙමයි - සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම සහ ඡන්දය භාවිතා කිරීම පුරවැසියන්ගේ අයිතියක් හා වගකීමක්ද වේ.