මේ කෙසෙල් කෑවම මෙච්චර දෙයක් වෙයි කියලා දන්නවා නම් කට්ටිය හොය හොයා කයි
කෙසෙල් කියන්නේ කා අතරත් ජනප්‍රිය පලතුරක්නේ.
විවිධ වර්ගයේ කෙසෙල් ජාති කාලා තිබුණත් ගොඩක් අය මේ කෙසෙල්වල තියෙන ගුණ ගැන නම් දන්නේ නැහැ.
ඉතින් අපි හිතුවා මේ ලිපියෙන් කෙසෙල් ගැන දන්නේ නැති කරුණු ටිකක් කියලා දෙන්න.
විශේෂයෙන්ම කෙසෙල් සම්පූර්ණයෙන්ම ඉදවීමට දීලා ආහාරයට ගැනීමෙන් විස්මිත ගුණ රැසක් අත් කරගන්න පුළුවන්.
ලප වැටුණු එහෙම නැතිනම් වැඩිපුර ඉදුණු කෙසෙල් ගෙඩිය තුළ ඔබේ සෞඛ්‍යය සුරකින මහා බලයක් සැඟවී ඇති බව කියනවා.

ජපානයේ පර්යේෂකයන් පිරිසක් කරපු අධ්‍යයනයන්ට අනුව, කෙසෙල් ගෙඩියක් හොඳින් ඉදෙන විට (Skin with dark spots) එහි TNF (Tumor Necrosis Factor) නම් ප්‍රබල සංයෝගයක් නිපද වෙනවා.
ඒ සංයෝගය මඟින් ශරීරයේ ඇති අසාමාන්‍ය සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමට සහාය වෙනවා. පිළිකා සෛල වර්ධනය වීම වැළැක්වීමේ විශේෂ හැකියාවත් මේ TNF සංයෝගය සතු වෙනවා.
එමෙන්ම කෙසෙල් ගෙඩිය වැඩිපුර ඉදෙන තරමට එහි පිළිකා නාශක ගුණය 8 ගුණයකින් පමණ වැඩි වන බවත් සොයාගෙන තියෙනවා.

ඒ හැරුණම ඉදුණු කෙසෙල්වල ඇති අධික ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මට්ටම නිසා,
- සුදු රුධිරාණු සක්‍රීය කර රෝගවලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ලබා දෙනවා
- සෛලවලට සිදුවන හානි අවම කර වයසට යාමේ වේගය පාලනය කරනවා, වගේම
- රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය පොටෑසියම් (Potassium) බහුලව ලබා දීමක් සිදු කරනවා

ඊට අමතරව වැඩිපුර ඉදුණු කෙසෙල්වල ඇති පිෂ්ඨය සීනි බවට පත්වන නිසා එය ඉතා ඉක්මනින් ශක්තිය ලබා දෙන අතර ජීර්ණය වීමටද ඉතා පහසු බව වාර්තා වෙනවා.
හැබැයි ඔබ දියවැඩියා (Diabetes) රෝගියෙක් නම්, ඉදුණු කෙසෙල්වල සීනි මට්ටම වැඩි නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් ආහාරයට ගැනීම සුදුසු බව මතක තබා ගත යුතුයි.
සාමානයෙයෙන් ගොඩක් වෙලාවට අපි කෙසෙල් ආහාරයට ගද්දි ඉඳිලා වැඩි, ලප වැටිලා කළු වෙලා තියෙන කෙසෙල් ගෙඩි දිහා බලන්නේ ප්‍රියතාවයකින් නෙවෙයිනේ.
හැබැයි කවුද හිතුවේ එහෙම ගෙඩියකත් මෙච්චර විස්මිත ගුණ ඇති කියලා.
