“ඌරෝ කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්” - මහින්ද හොරානම් වටේ හිටියවුන් කව්ද? - අසේල ආණ්ඩුවේ රැදී ගලවයි

By Shehan Jan 21, 2026 10:02 AM GMT
Report

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

 කොළඹ 07 හි පිහිටි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට යොමු කළ මෙම ලිපියේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ (2005 සිට ඔහුගේ ජනාධිපති ධුරය අවසන් වන තුරු) සේවය කළ ජනාධිපති ලේකම්වරුන්, උපදේශකයන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සංස්ථා සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව ඉල්ලා සිටිනවා.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ලිපියේ සඳහන් වන්නේ, වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වංචනික චෝදනා එල්ල කරන අතරතුර, ඔහු සමඟ කාර්ය මණ්ඩලයේ කටයුතු කළ මෙම නිලධාරීන් ඉතා අසීමිත ලෙස ධනය උපයා ඇති බවයි. ඔවුන්ගේ වත්කම් විස්තර ජනාධිපති ලේකම් කාර්යාලයේ සනිටුහන් ව ඇති බවත්, අද වන විට ඔවුන් කොළඹ 7 ප්‍රදේශයේ ඉඩකඩම් හා මන්දිරවල සුවපහසු ජීවිතයක් ගත කරන බවත් පෙන්වා දෙනවා.

“සේවයට පැමිණි අවස්ථාවේදී කිසිදු වත්කමක් නොතිබූ මේ අය අද බිලියන පතියන් වී ඇත්තේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කරමින්, “ඌරෝ කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්” යන න්‍යාය අනුගමනය කර ඇති බවත් ලිපියේ සඳහන්.

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්

අසේල සම්පත් මහතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, කොමිෂන් සභාවේ වර්තමාන ක්‍රියාකාරීත්වය අගයමින්, ආණ්ඩුවේ මූලික පරමාර්ථය වන දූෂණ හා වංචා සොයා බැලීම නම්, මෙම නිලධාරීන්ගේ වත්කම්, බැරකම් හා ඉපැයීම් සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් කළ යුතු බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු තොරතුරු පරිශීලනය කර මෙම නිලධාරීන් පිළිබඳ සොයා බැලීම මගින් කොමිෂන් සභාවේ ගෞරවනීයභාවය ආරක්ෂා කරගත හැකි බවත් ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.


රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් අහෝසි ද? නැත්නම් සංශෝධනයක්ද?

රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් අහෝසි ද? නැත්නම් සංශෝධනයක්ද?