පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්

Report

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පෙබරවාරි 6 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිකුත් කළ නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අංක 2473/14 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනිදා පෙරවරු 11.30 සිට සවස 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්

මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30ට පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව, එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තැබීමේ යෝජනා වෙනත් දිනයකදී සැලසුම් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

එසේම, 2026 ජනවාරි 28 දිනැති අංක 2473/13 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනිදා සවස 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට කාරක සභාවේ එකඟතාවය පළ වී ඇති බවත් මහ ලේකම්වරිය සඳහන් කර ඇත.

රටම බලන් හිටිය නව විගණකාධිපතිනිය මෙන්න

රටම බලන් හිටිය නව විගණකාධිපතිනිය මෙන්න