කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණයට සහාය වූ ව්‍යාපාරික ඥාතියා රිමාන්ඩ්

Report

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ අයථා ලෙස උපයාගත් මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දී ඇති බවට සැකකෙරෙන ඔහුගේ සමීපතයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නැමැති මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළේය.

මහපාරේ දඩ ගැහුවොත් මෙහෙම කරන්න - එතනදීම රියදුරු බලපත්‍රය ලබාගන්න පුළුවන් - අවශ්‍යනම් පොලිසියෙන් සහය ගන්න

මහපාරේ දඩ ගැහුවොත් මෙහෙම කරන්න - එතනදීම රියදුරු බලපත්‍රය ලබාගන්න පුළුවන් - අවශ්‍යනම් පොලිසියෙන් සහය ගන්න

අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැහැදිලි කළේ, සැකකරු හිටපු අමාත්‍යවරයා සමඟ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධව ක්‍රියා කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බවය.

අදාළ විමර්ශන කටයුතු තවම අවසන් වී නොමැති නිසා, සැකකරුට ඇප සලසා දෙනු ලැබුවොත් විමර්ශන කටයුතුට බාධා පැමිණිය හැකි බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ ඇප මත මුදාහැරිය යුතු බව ඉල්ලලීමක් කළ අතර, මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් සැකකරු ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

වසර 11කට පසු විමර්ශනය සඳහා ශිරන්ති කැදවීම දේශපාලන පලිගැනීමක් - පොහොට්ටුවෙන් නිවේදනයක්

වසර 11කට පසු විමර්ශනය සඳහා ශිරන්ති කැදවීම දේශපාලන පලිගැනීමක් - පොහොට්ටුවෙන් නිවේදනයක්