තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ? [VIDEO]

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ ඇත.

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

පාතාල නායක කෙහෙල්බද්දර පද්මෙගේ නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා CIDයට පැමිණි බවත් "සිරිලිය" ගිණුම් ආශ්‍රිත ගැටලුවක් සදහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය FCIDයට පැමිණි බවත් තොරතුරු වාර්තා වේ.

තත්ත්වය කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙහි පාක්ෂිකයන් විසින් මේ වනවිට CIDය හා FCID යන ස්ථාන දෙකටම රැස්ව සිටියි. තම දේශපාලන පක්ෂග්‍රාහී බව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මත තබා ඇති ගෞරවය හේතුකොටගෙන මෙම ස්ථානයට පැමිණි බව එහි රැස්වූ ජනතාව පවසයි.

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය තවමත් ප්‍රකාශ ලබා දී පිටතට නොපැමිණි මෙම අවස්ථාවේ ජනතාව විශාල ප්‍රමාණයක් එක්රැස් වීම තුලින් උණුසුම් තත්වයක් මතුව තිබේ.

අදාල ස්ථානයේ රැදී සිටිමින් ගගන මාධ්‍ය වෙතින් සටහන් කරගත් සජීවී දසුන් පහතින්,