මේ පුවත සම්පූර්ණයෙන් අසත්‍යයි කිසිසේතම ආරක්ෂක අමාත්‍යාංශය එහෙම කිසිදු තීරණයක් අරන් නෑ - නලින්ද සැර වෙයි
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට පළවන පුවත් සම්බන්ධව අද (03) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර තිබෙනවා.
එම අවස්ථාවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සේම ආරක්ෂක ලේකම්වරයාද කරුණු පැහැදිලි කර තිබෙන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවැනි පුවත් සමාජ මාධ්‍ය හරහා පළ කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් දැනුම්දී ඇති බව ද සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ,
"ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධව කරුණු පැහැදිළි කරලා තියෙනවා. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට සූදානම් තිබෙන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍යයි. මෙය කිසිම පදනමක් නෑ. කිසිසේතම ආරක්ෂක අමාත්‍යාංශය එහෙම කිසිදු තීරණයක් අරන් නෑ. මෙවැනි තොරතුරු ප්‍රචාරය කරලා මහජනයා තුළ අනවශ්‍ය කැළඹීක්, බියගැන්වීමක් සම්බන්ධයෙන් අමාත්‍යාංශය අවධානය යොමු කරලා තියෙනවා ඒ නිසා මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ ගත කරන අයට එරෙහිව දැඩිලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දීලා තිබෙනවා. ඒ නිසා පුද්ගලයා කවරු වුණත් ඒ පිළිබඳ තොරතුරු වගකීම අරගෙන ඒ නීතිමය කටයුතුවලට සහයවීම තමයි හොඳ. මොකද මෙවැනි පුවත් හරහා ජනතාව අතර ඇති කරන්න හදන කැළඹීම එතරම් සුදුසු වන්නේ නෑ."