දුම්රිය වර්ජනය අවසන්. නැවත සේවයට එන්න එකග වෙයි...
By Sewvandhi
අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය නැවැත්වීමට නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින්ට දැනුම් දී තිබෙනවා