දුම්රිය ප්‍රමාදයක්?. දුම්රිය මගීන්ට කළ දැනුම්දීම මෙන්න..

Sri Lanka Railways Department of Railways Railways Latest Headlines Decision Making
By krishani Jun 28, 2024 11:01 AM GMT
krishani

krishani

Report

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය ප්‍රමාදයක්?. දුම්රිය මගීන්ට කළ දැනුම්දීම මෙන්න.. | Train Running On Udarata Railway Line 28Th June

ඒ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් ය.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනිමට ලක්වී ඇති බවය.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (28) උදැසන වේ.

දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පීලි පැන ඇති බව පාලක මැදිරිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, පොඩි මැණිකේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.