මත් පෑන් බී කරපු හරියක් නිසා තවත් දෙදෙනෙකුට සිදුවූ දේ..
බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 සහ 45 හැවිරිදි වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් දෙදෙනෙකුයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. තවත් සැකකරුවෙකු පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළ අතර සිද්ධියෙන් අනතුරුව බෝලවත්ත දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඊයේ රාත්‍රී කාලයේදීයි බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ සේවකයින් තිදෙනෙකුට මෙලෙස පහරදීම සිදුවුණේ.
එම දුම්රිය ස්ථානය වෙත පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එහිදී මත්පැන් පානය කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සහ සේවකයින් පිරිස ඊට විරෝධය පළ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ඇතිවූ බහින්බස්වීමකදී සැකකරුවන් විසින් ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින් තිදෙනාට පහර දී දුම්රිය ස්ථානයට ද හානි කර පළා ගොස් තිබුණා.
වෙන්නප්පුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සිදුකළ පැමිණිල්ලකට අනුවයි.