රේල්පාරේ සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා කොච්චියේ ගැටී මියයයි

train Sri lanka Accsident train accsident rallway
By Sithumi Nov 07, 2021 03:41 PM GMT
Sithumi

Sithumi

Report

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේදී ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සේටිකුලම් පොලීසිය පවසයි. 

 සෙට්ටිකුලම් දකුණ කල්ලාරු පාලම මතදී මෙම අනතුර සිදුව ඇත්තේ මන්නාරමේ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රිය ගමන්කරන අතරතුරදී දුම්රිය මාර්ගයේ සිට තරුණයින් දෙදෙනෙකු දුම්රිය ගමන්කරන අතරවාරයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දරා ඇත. 

එහිදී දුම්රියේ තරුණයින් ගැටෙන බව එක් තරුණයෙකු දැක පාලමෙන් පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ඉදිරිපස කොටසේ ගැටී විසිවීමෙන් තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති බව අනාවරන වෙයි. පසුව මිය ගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම් දුම්රිය ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය මගින් සෙට්ටිකුලම් රෝහලට බාරදෙනු ලැබීය. 

අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුරේස් නැමත්තෙකු වන අතර සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි. – වන්නි රොමේෂ් මධුෂංක


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha