දුම්රියට වෙන් වූ අතේ කොටස සොයාගත නොහැකිව සිදු වූ අකරතැබ්බයක්.

Accident
By Wayomi Sep 08, 2022 12:46 PM GMT
Wayomi

Wayomi

Report

දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වලකට ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා සිටියදීත් රෝහලට පැමිණි සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

එලෙස අනතුරට පත්ව තිබෙන්නේ මහනුවර දංගොල්ල දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන් (44) නැමැති පුද්ගලයෙක්.

යම්කිසි පුද්ගලයෙක් විසින් දුම්රිය මාර්ගය අසල කිසියම් පුද්ගලයකුගේ අතක් තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇති අතර එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගැනුණා. 

පසුව මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී ප්‍රතිකාර ලබමින් සිටින එම අත අයිති පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ, තමා මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී සුදුහුම්පල ප්‍රදේශයේදී පසෙක තිබූ විශාල වලකට ඇද වැටී ඇති බවත්, එම අවස්ථාවේ එයින් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කරද්දී දුම්රියකට අත හසු වූ බවත්ය.

එමෙන්ම අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම මහනුවර ජාතික රෝහලට පැමිණි බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW