බඹර ප්රහාරයකට ලක් වූ දෙදරු මවට අත් වූ ඉරණම
By Kanchana
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්රහාරයකින් එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී තිබෙන බව නානුඔය පොලිසිය සදහන් කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් කිරිමැටිය වතුයාටෙය් පදිංචිව සිටි සදයියන් ලෙචුමි (78) හැවිරිදි දෙදරු මවකි.
එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් තේ දළු නෙළමින් සිටියදී රුස්ස ගසක බැද තිබූ බඹර කූඩුවක වදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දීම නිසා බඹරුන් ඇවිස්සී තිබේ.
ඒ අසළ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට මෙලෙස පහර දී ඇත .