කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද දිනයෙත්
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ඊයෙ (30) සිට ක්රියාත්මක කරනු ලබයි.
එහි දෙවන දිනය වන අද (31) දිනයේ උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ලබයි.
පොලීසිය දැනුම් දෙනු ලබන්නේ හෙට (1) දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, නිදහස් දිනය වන පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.
විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.
