හැටන් - කොළඹ මාර්ගයේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඇති වූ අධික සුළං සහිත තද වැසි හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමඟ විශාල ෆයිනස් ගසක් අද (21) දින අලුයම කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, රොසැල්ල ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් පිහිටි විශාල ෆයිනස් ගසක් පස් කන්දක් සමඟ අලුයම 4:00ට පමණ මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු අලුයම 5:00 වන තෙක් සම්පූර්ණයෙන්ම ඇනහිටියේය.
වටවල පොලිසියේ නිලධාරීන් එක්ව ගස කපා ඉවත් කිරීමෙන් පසු, මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර ඇත.
පවතින අධික සුළං හා වැසි තත්ත්වය හේතුවෙන් හැටන්-කොළඹ, හැටන්-මහනුවර යන ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලද ගස් හා පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, එම මාර්ගවල රථවාහන ධාවනය කරන විට සැලකිලිමත්ව රිය පදවන ගමන් රියදුරන්ගෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
