13 හැවිරිදි දියණියට හදි කරන්න ගිය කොස්තාපල්ට ගුටි පූජාවක්

Report

දෙහිවල ප්‍රදේශයේ නිවසකටරාත්‍රී කාලයේ හොර රහසේ ඇතුලු වී නිවසේ නිදා සිටි 13 හැවිරිදි දැරියක් ස්පර්ශ කර ඇයට අතවර කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විශේෂ රාජකාරී පදනම මත දෙහිවල පොලිසියට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

මෙම සැකකාර කොස්තාපල්වරයා ඊයේ දින මෙම නිවසට ඇතුළු වී දැරිය නිදා සිටි තැනට ගොස් ඇයව ස්පර්ශ කර තිබේ. අනතුරුව තැතිගත් දැරියගේ කෑ ගැසීම ඇසී නිවැසියන් අවදිවී සැකකරු අල්ලා ඔහුට පහර දී පොලිසියට දැනුම් දී ති‍බේ.

දෙහිවල පොලිසියේ ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනාගෙන ඇති බවට සඳහන් වේ.

දිවයිනේ ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වේ

දිවයිනේ ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වේ

ඒ වගේම පහර කෑ මෙම කොස්තාපල්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවට සඳහන්.

බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න

බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න