පාසල් දරුවන්ට ‘ලිංගික අධ්‍යාපනය’ - රජයේ නව සූදානමට දෙමාපියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර

Latest Headlines
By Shehan Jul 21, 2025 01:19 PM GMT
Shehan

Shehan

Report

පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් මෑතකදී දක්නට ලැබෙන බවත්, ඒ හා සමගම පාසල් මව්වරුන්ගේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතින බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර, මෙම තත්ත්වය හමුවේ නව යොවුන් දැරිවියන්ට සහ පාසල් දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය මෙසේ පැවසුවාය;

“මෑතකදී බලන විට, පාසල් යන වයසේ දැරිවියන් අතර ගැබ් ගැනීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ සංඛ්‍යාවත් සැලකිය යුතු ලෙස වැඩිවෙලා තිබෙනවා. වයස අවුරුදු 18ට අඩු දැරිවියන් ගැබ් ගැනීම හේතුවෙන්, ඔවුන්ට බරපතළ සමාජීය හා සෞඛ්‍යමය සංකූලතාවලට මුහුණ දීමට සිදුවෙනවා. මෙම තත්ත්වය ඉදිරි සමාජය තුළ මව්පිය රැකවරණය අහිමි, අනාත හෝ අත්හැර දමන ලද දරුවන් බිහිවීමට හේතු විය හැකියි. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා රජයක් ලෙස අපි බැඳී සිටිනවා.

රෝහිතගේ දූ පොඩ්ඩටයි බෑණටයි රටින් යන්න තහනම්

රෝහිතගේ දූ පොඩ්ඩටයි බෑණටයි රටින් යන්න තහනම්

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව, නව යොවුන් දැරිවියන්ට සහ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ පැහැදිලි හා නිවැරදි අවබෝධයක් ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. දරුවෙකු බිහි කිරීමේ වගකීම ගැහැණියකට හෝ කාන්තාවකට පමණක් සීමා නොවෙනවා. නමුත්, සමාජය තුළ අනාත හෝ අත්හැර දමන ලද දරුවන් බිහිවීමේදී, ඒ හා බැඳුනු සමාජ දෝෂාරෝපණය, පාපය හා වින්දිතභාවය බොහෝවිට ගැහැණියකට හෝ දරුවෙකුට බලපානවා.

ඒ නිසා, ඔබට සබඳතා පැවැත්වීමේ නිදහස තිබුණත්, වගකීම් සහිතව පවුල් ජීවිතයක් තුළ දරුවෙකු බිහි කිරීමට නොහැකි නම්, ගැබ් ගැනීමෙන් පසු කළලයක් ඉවත් කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙනවා. එබැවින්, ගැබ් ගැනීම වළක්වා ගැනීමට විද්‍යාත්මක හා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. අනාත හෝ අත්හැර දමන ලද දරුවන් බිහිකර, ඔවුන් වින්දිතභාවයට පත්කිරීමෙන් වළකින්න.”

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

ReeCha