වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්, මේ ගැන දැනුවත් වෙන්න

Report

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා සඳහන් කළේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතු බවට පත්ව ඇති බවයි.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා කියා සිටියේ,

"දැන් වකුගඩු රෝග තත්ත්වය කොච්චර බරපතළද කියනවානම් හැම වැඩිහිටියෝ 10 දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගියෙක් කියලා අපි හිතන්නේ. අපිට මතක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේම කතරගම පළාත්වල අපි දැකපු ජල ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගය ඒක තමයි 2005 - 2015 අතර අපේ තිබුණු මූලික ප්‍රශ්නය නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දැන් තත්ත්වය දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා තමයි වකුගඩු රෝගය මූලිකවම බිහිවෙන්නේ. නමුත් අපි දකිනවා යම්කිසි අඩුවීමක් වියලි කලාපය තුළ සිටින රෝගීන්ගේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්. මම හිතන්නේ හැම ගෙදරකම රෝගීයෙක් නැත්නම් ඒක පුදුමයක් වගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඉන්න දියවැඩියා රෝගීන්ගේ හැටියට අපි මේ ඉන්න හැමෝගෙම හතරෙන් එක්කෙනෙක්ට දියවැඩියාව තියෙනවා. ඉතින් ඔතනින් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට තියෙනවා. ලංකාවේ මිලියන 1000ක් ඡන්දය දෙන්න සුදුසුකම් තියෙනවානම් මිලියන 1.4කට කිට්ටු ගාණක් වකුගඩු රෝගීන් ඉන්න ඕනේ." යනුවෙන්.

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු