අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

Report

ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි වෙනුවෙන්.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

ඒ අනුව අඳාළ නිවේදනයෙන් අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීමෙන් සංවේගයට පත් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නයටත්, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ සියලු දායකකාරකාදීන්ටත්, පවුලේ ඥාතීන්ටත් ජනාධිපතිවරයා තම සාතිශය සංවේගය පළ කර තිබෙනවා.

එසේම උන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත්, සමස්ත රටටත් සිදුවූ බලවත් පාඩුවක් බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

තවද හැටහත් වසරක් ඉක්මවූ උන්වහන්සේගේ ජීවිත ගමන තුළ රටට, සම්බුදු සසුනට සහ සමස්ත ලෝකයටම උසස් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ බවත් මෙරට කීර්තිමත් දහම් අධ්‍යාපන ආචාර්යවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේ, රටෙහි අනාගත පරපුර වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබා දීම උදෙසා මහඟු මෙහෙවරක නිරත වූ බවත් එහි සඳහන්.

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

අඳාළ නිවේදනය පහතින්,    

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක් | President Condolence Passing Dhammadassi Thero