ඉන්ධන මිලදී ගැනීම වෙනස් වේ?ඇමරිකාවෙන් ලංකාවට තෙල්
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් වශයෙන්, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව සඳහන්වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, සිදු කළ විමසීමක දී මේ බව තහවුරු කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවත් පැවසු ඒ මහතා, ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන යන බව පැවසුවේය.
මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතය. එවගේම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරු බදු රහිතව භාණ්ඩ අපනයනට ද අවස්ථාවක් සලසා දීමට කටයුතු කරමින් සිටි.
එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳ හිඟය අවම කර ගැනීමට සිදුකරන මෙවැනි ක්‍රියා මඟින් වාසි සහගත තත්ත්වයන් උදාවෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් සඳහන් කරයි.
