ආරක්ෂක හේතුන්ට - ග්‍රෙගරි වැවෙහි බෝට්ටු පැදීම තාවකාලිකව නවතී
නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ තද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ආරක්ෂිත හේතූන් මත ගිය සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදීම තාවකාලිකව තහනම් කර තිබේ.
මෙම තහනම නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගර සභාවේ උපදෙස් මත පනවා ඇත.
පවතින තද අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නුවරඑලියට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව බෝට්ටු හිමියන් පවසයි.





