සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

Report

තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා විසින් “සමහර සබ්ජෙට් තියෙනවා ඒවා දැන් අපේ ජීවිතත් එක්ක සම්බන්ධ නෑ. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා අද අපිට හිතෙනවා.” යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.

එසේම “පොත් කරේ තියාගෙන ගිය, අපිට වදයක් වෙච්ච අධ්‍යාපනය වෙනුවට, සතුටෙන් ශිෂ්‍යයා කේන්ද්‍ර වෙච්ච අධ්‍යාපන ක්‍රමයකට අප හුවමාරු වෙන්න ඕන” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ බව සඳහන්.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

ඔහු මේ බව පවසා ඇත්තේ උත්සව සභාවක් අමතමින්. මේ අතර ඔහුගේ මෙම ප්‍රකාශය සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රශ්න සිදු වෙමින් පවතී.

වාර්තා වන ආකාරයට ඒ සම්බන්ධ ප්‍රශ්නය පළමුව ඉදිරියට ආවේ ජාතික ජනබලවේගය ආණ්ඩුව පිහිටුවීම සමඟ පළමු කතානායක වශයෙන් පත්කරගත් අශෝක සපුමල් රන්වලගේ ” හොර ආචාර්‍ය ” උපාධිය සම්බන්ධව මතුවූ ප්‍රශ්නගත සිදුවීම් පෙළත් සමඟ බව සඳහන්.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර තිබීම පිළිබඳව ආණ්ඩුවේ කිහිපදෙනෙක් වෙත චෝදනා එල්ලවූ නිසා ඔවුන් පසුව තම ජීව දත්ත තොරතුරු පාර්ලිමේන්තු සන්නිවේදන අංශය ඔස්සේ සංශෝධනය කරගෙන තිබුණු බව වාර්තා විය.

කෙසේ වෙතත් ඒ මොහොතේ රටේ තරුණ කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ එරංග ගුණසේකරගේ අධ්‍යාපන සුදුසුකම් ද ප්‍රශ්න කළ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවිහි දැක්වෙන ආකාරයට ඔහු අපොස උසස් පෙළ සමත් නැති බව පවසයි.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

එසේම එහි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් වශයෙන් දක්වා ඇත්තේ 1996 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම සහ වෘත්තීය සුදුසුකම් වශයෙන් 1999 වර්ෂයේ විදුලි කාර්මික ඉංජිනේරු ශිල්පීය පුහුණුවේ ජාතික මට්ටමේ සහතික පත්‍ර විභාගය පමණක් වීම විශේෂත්වයක්.

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්