විපා විනාශය - ආසියාව තුළ අලුත්ම සුළි කුණාටුව
By Shehan
පැයට කිලෝමීටර් 140ක වේගයකින් හමා ආ විපා සුළිකුණාටුව චීනය, හොංකොං, තායිලන්තය සහ පිලිපීනය යන රටවලට බලවත් බලපෑමක් එල්ල කර ඇත.
මෙම සුළිකුණාටුව හේතුවෙන් හොංකොං හි පමණක් ගුවන් ගමන්වාර 400කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 80,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විපා සුළිකුණාටුවෙන් පිලිපීනයේ පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී ඇති නමුත්, හොංකොං හි මේ වන විට කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැත.