මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක්
මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක් සනිටුහන් කරමින්, වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව සාර්ථකව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම නිල දත්ත වාර්තාවලට අනුව, ගතවූ මාස කිහිපය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,010,807 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වසංගත සහ ආර්ථික අර්බුදකාරී වටපිටාවෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්‍රය මෙතරම් වේගවත් ප්‍රගතියක් අත්කරගත් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සැළකේ.
මේ අතර, උදාවූ මැයි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා ගතවූ කෙටි කාලසීමාව තුළ පමණක් විදේශීය සංචාරකයන් 134,530 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
සාමාන්‍යයෙන් මැයි මාසය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ මද පසුබෑමක් දක්නට ලැබෙන කාලවකවානුවක් වුව ද, මෙවර එම තත්ත්වය වෙනස් කරමින් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙරට විදේශ විනිමය ආදායම ද ශක්තිමත් වෙමින් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.