ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?
රජය සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් 2026 සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 380,000ක් මිලදී ගැනීමේ ජාත්‍යන්තර ටෙන්ඩරයට හදිසියේ එකතුකළ අසාමාන්‍ය වගන්තියක් හේතුවෙන් ජාතික බලශක්ති ආරක්ෂාව සහ විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසති.
අගෝස්තු 27දා ප්‍රකාශිත ටෙන්ඩරයේ අවසන් දිනය සැප්තැම්බර් මැද භාගයේදී වීමට නියමිතව තිබුණත්, අවසන් මොහොතකදී "ලාභ ගැටුම්" කොටසට එකතුකළ නව වගන්තිය (11 වැනි වගන්තියේ 4.2 යටතේ VIII) මෙසේය;
“ලංසුකරුවන්ට හම්බන්තොට තරගකරුගේ පර්යන්ත පහසුකම බදු දීමට අවසර දෙනු ලැබේ. කෙසේවෙතත්, ලිට්රෝ සමාගම CBM පර්යන්තය සඳහා නිෂ්පාදනය ලබා දෙන තෙක් නිෂ්පාදනය හෝ සැපයුම් විධිවිධාන සඳහා ලිට්රෝ වගකීමක් නැත.”
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය ලංසුකරුවන්ව ලිට්රෝගේ තරගකරුවා ලාෆ්ස් ගෑස්ගේ හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක නවීන පර්යන්තය භාවිතයට බලකරන උපක්‍රමයක් බවයි. ලිට්රෝගේ කෙරවලපිටිය මෙට්‍රික් ටොන් 8,000ක පහසුකම මසක ඉල්ලුම (මෙට්‍රික් ටොන් 32,000) සපුරාලීමට ප්‍රමාණවත් නොවන අතර, මෙය ලාෆ්ස්ගේ යටිතල මත යැපීමේ අවදානමක් ඇති කර ඇති බව ඔවුන් සඳහන් කරති.
2021දී යෝජිත ඒකාබද්ධ භාවිතය දේශපාලන අස්ථාවරත්වයෙන් අසාර්ථක වූ මෙය, ටෙන්ඩර් වෙනස්කම් විධිමත්ව නොකිරීම නිසා නීත්‍යානුකූල අභියෝගවලට මුහුණදෙනු ඇතැයි ප්‍රසම්පාදන ප්‍රවීනයන් අනතුරු අඟවති.