ඊශ්‍රායලයේ වීසා නැති ශ්‍රී ලාංකිකයින්ට මෙන්න සුභ ආරංචියක්

By Shehan Sep 21, 2025 04:32 PM GMT
Report

ඊශ්‍රායලයේ වීසා නොමැතිව හෝ වීසා අවලංගුව ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ මිත්‍රත්ව සංගමයේ වාර්ෂික හමුවේදී මෙම සාකච්ඡාව සිදුවූ අතර, ශ්‍රී ලාංකිකයින් මෙන්ම වෙනත් ජාතීන්ගේ වීසා ගැටලු පිළිබඳව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස ඉල්ලා ඇත.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ඊළඟ සාකච්ඡාවේදී මෙම ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බව බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම හමුවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන්ට ඊශ්‍රායලයේ පුහුණු අවස්ථා ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා වූහ.

හමුවට ඊශ්‍රායල - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති Dr. Tsega Melaku, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් සහ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

ප්‍රභූ උත්සවවල ආරක්ෂාව තර කිරීමට පොලිස්පතිගෙන් නියෝග

ප්‍රභූ උත්සවවල ආරක්ෂාව තර කිරීමට පොලිස්පතිගෙන් නියෝග