මහ බැංකු අධිපතිට සම්මානයක්

Report

මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත "ඒ ශ්‍රේණියේ" සම්මානය පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම සම්මානය හිමි වූයේ, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය, සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වය අතර මහ බැංකුව ලබාදුන් නායකත්වය පිළිබඳව ගරු කිරීමක් ලෙසයි.

එසේම, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස, පසුගිය 13 සිට 18 දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ අතර, ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවට නියෝජිත පිරිස එක්වුණි.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මෙම සාකච්ඡා අතරතුර, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව හා ලෝක බැංකු සභාපති සමඟ මුණගැසුණේය.

එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා සිදුකරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක්ද ඇතුළත් වූ බව මහ බැංකුව පවසා ඇත.

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට