ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණ ඉලක්කය..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Australia
Australia Cricket Team
By krishani
අද (16) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කර ගත්තේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 67ක දී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කර ගත්තේ ය.
කුසල් ජනිත් පෙරේරා පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය.
පසුව පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණේ ය.
කෙසේ වෙතත්, Adam Zampa අගනා පන්දු යැවීමක නිරතවෙමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 47කට කඩුලු 4ක් දවා ගත්තේ ය.
එමෙන්ම, Pat Cummins සහ Mitchell Starc කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.
