කෝලිගේ උපන් දිනේ දවසෙම ඉන්දියාවම සතුටු කළ භාරත පුතුන් - ඉන්දියාව පුරාම ජය කෙහෙළි රැව් දෙයි.. (PHOTOS)
අද (05) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගය පැවැත්විණ.
එහිදී ලකුණු 243කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 326ක් ලබාගනු ලැබීය.
අනතුරුව ලකුණු 327ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම රැස්කළේ ලකුණු 83ක් ය.
මේ අතර, Virat Kohli නොදැවී ලකුණු 101ක්ද, නායක Rohit Sharma ලකුණු 40ක්ද, Shreyas Iyer ලකුණු 77ක්ද, Suryakumar Yadav ලකුණු 22ක් සහ Ravindra Jadeja නොදැවී ලකුණු 29ක් ලබා ගත්තේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩාකළ විරාට් කෝලි පන්දු 121කදී ලකුණු 101ක් ලබා ගනිමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 49වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.
එම සම්පූර්ණ විස්තරය පහතින්,
උපන් දිනේ දවසෙම පිටිය රත් කර ඉන්දියානුවන් පුදුම කළ කෝලී - සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාවකුත් සම කරයි..
පන්දු යැවීමේදී Lungi Ngidi, Marco Jansen, Kagiso Rabada, Keshav Maharaj, Tabraiz Shamsi අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.
ලකුණු 327ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම, ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම හමුවේ අසරණභාවයට පත් වෙමින් පන්දුවාර 27යි පන්දු 01ක් අවසානයේ කඩුලු සියල්ලම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණකී.
කෙසේ වෙතත්, එක්දින ලෝක කුසලානයේ 38වැනි තරගය වන ශ්‍රී ලංකා - බංග්ලාදේශය අතර තරගය හෙට පස්වරු 02.00ට දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.