ජාත්‍යන්තර වකුගඩු දිනය අදයි

Report

 අද (12) ජාත්‍යන්තර වකුගඩු දිනය  ලෙස සමරනු ලැබේ.

සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා මෙම දිනය ලෝකය පුරා සැමරෙන අතර, මේ වසරේ එය අදට යෙදී තිබේ.

මෙවර ජාත්‍යන්තර වකුගඩු දිනයේ තේමාව වන්නේ “වකුගඩු මිහි මව මෙන් රැකගමු”යන්නයි.

වකුගඩු රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, රෝග වැළැක්වීම සහ වකුගඩු සෞඛ්‍යය නංවාලීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

සෞඛ්‍ය වාර්තා අනුව, ලෝකයේ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, එය මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වා නිහඬව වර්ධනය වන බවත් සඳහන් වේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුකම, හෘද රෝග සහ පාරම්පරික රෝග ඉතිහාසය ඇති පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළය.

වෛද්‍යවරුන් පවසන්නේ, සරල මුත්‍රා පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණයක් මගින් මෙම රෝගය කල්තියා හඳුනාගත හැකි බවයි.

එබැවින් නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණවලට යොමු වීම වැදගත් බව ඔවුන් අවධාරණය කරති.

මේ අතර, පොලොන්නරුව ජාතික වෘක්කවේද රෝහල මගින් අද වකුගඩු දිනය නිමිත්තෙන් ජනතා දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කර තිබේ.

මෙම පාගමන හරහා වකුගඩු රෝග වැළැක්වීමේ ක්‍රම, රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ ජීවන රටාවේ වෙනස්කම් ගැන ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ඇත.

මී උණ රෝගීන් 1800 ඉක්මවයි – වසංගත අංශය අනතුරු අගවයි

මී උණ රෝගීන් 1800 ඉක්මවයි – වසංගත අංශය අනතුරු අගවයි

ඉරානය කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයිද? FBI අනතුරු

ඉරානය කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයිද? FBI අනතුරු